Friday, May 3, 2024

General line - 0115112241

සදට මුලින්ම ගොඩබසින්න ඉන්දියාව සහ රුසියාව අතර තරගයක්




සදෙහි දකුණු ද්‍රැවයට ගිය පළමු රට බවට පත්වීමට ඉන්දියාව සහ රුසියාව අතර තියුණු තරගයක් නිර්මාණයවී තිබෙනවා. 

සදෙහි දකුණු ද්‍රැවයට ගොඩබැස්වීම සදහා ඉන්දියාව සිය අභ්‍යවකාශ මෙහෙයුම් ආරම්භ කළේ රුසියාවට පෙරයි. 

ඔවුන්ගේ මෙහෙයුම අගෝස්තු 23 වනදා සම්පූර්ණ වීමට නියමිතයි. 

එහෙත් ඊට දිනකට හෝ දෙකකට පෙර ඉකුත් සතියේ රැසියාව විසින් අභ්‍යවකාශගත කළ යානය සද මතුපිටට ගොඩබස්වනු ඇති බවටයි මේ වන විට වාර්තා පළවී ඇත්තේ.

විදෙස් මාධ්‍ය අද වාර්තා කළේ ඉන්දියාවේ චන්ද්‍රයාන් ත්‍රී අභ්‍යවකාශ මෙහෙයුම ද මේ වන විට අවසන් අදියරට පැමිණ ඇති බවයි. 

ඔවුන්ගේ අභ්‍යවකාශ යානය චන්ද්‍රයා සමීපයට ගොස් ඇති බවද එම වාර්තාවන්ගේ සදහන්. 

කෙසේවෙතත් අමෙරිකාව, රුසියාව සහ චීනයට පසුව සද මතුපිට ගොඩබෑමක් සිදුකළ සිව්වන රට බවට ඉන්දියාව පත්වීමට නියමිතයි. 

රුසියාව ඉකුත් සතියේ මෙම සද ගවේශණ මෙහෙයුම ආරම්භ කළේ සිය පළමු සද ගවේෂණ මෙහෙයුමේ වසර 50 කට ආසන්න පකාලයකට පසු පළමු වරට වීම විශේෂත්වයක්.