Saturday, May 4, 2024

General line - 0115112241

පකිස්ථානයේ ගිනි නිවන්න මහජන රැස්වීම් සතියකට තහනම්




කතෝලික දේවස්ථාන සහ නිවාසවලට පහර දෙන පකිස්ථානයේ පැතිර යන ප්‍රචණ්ඩ ක්‍රියා පාලනයට එරට රජය දැඩි පියවර ගෙන තිබෙනවා.

 ඒ අනුවල වැඩිම ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තාවන ප්‍රදේශවල මහජන ඒකරාශී වීම් සතියකට තහනම් කිරීමටයි තීරණය කර ඇත්තේ.


මෙලෙස ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වූයේ කතෝලිකයින් දෙදෙනෙකු විසින් කුරාණයට හානි කළ බව කියන සිද්ධියක් මුල් කර ගනිමින්. පසුව ප්‍රදේශ රැසක ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වූ අතර දේවස්ථාන සහ නිවාස රැසක් ගිනි බත් කර තිබෙනවා.

ඒ අතරට 1883 ඉදි කළ පකිස්ථානයේ ගලවා ගැනීමේ හමුදාවට අයත් ඓතිහාසික දේවස්ථානයද අයත්. 
ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරත වූ පුද්ගලයින් 100කට වැඩි පිරිසක් මේවනවිටත් අත්අඩංගුවට ගෙන ඇති අතර ප්‍රදේශ රැසක ආරක්ෂාව දැඩි කර තිබෙනවා.