Saturday, May 4, 2024

General line - 0115112241

වසර 83කට පසු අමෙරිකාව දරුණු ස්භාවික ව්‍යසනයක් අභියස. 




වසර 84කට පසු අමෙරිකාව දරුණු සුළි කුණාටු අවධානමකට මුහුණ දී තිබෙනවා.

මෙම සුළි කුණාටුව නම් කර ඇත්තේ හිලරි නමින්. මිට පෙර මෙවැනි දරුණු සුළි කුණාටු අවධානමකට අමෙරිකාව මුහුණු දුන්නේ 1939 වසරේයි. අමෙරිකානු කාලගුණ බලධාරීන් පවසන්නේ බොහෝ විට හෙට දිනයේ මෙම සුළි කුණාටුව එරට නිරිත දිග ප්‍රදේශයෙන් හා කැලිෆෝනියාවෙන් එරටට ඇතුළු වනු ඇති බවටයි.

 
අමෙරිකාවට සැතපුම් 325ක් පමණ ආසන්නයේ පවතින හිලරි සුළි කුණාටුවේ වේගය පැයට සැතපුම් 130ක්. සුළි කුණාටුවෙන් සිදුවන බලපෑම අවම කිරීම සදහා එරට බලධාරීන් දැනටමත් පියවර ගනිමින් සිටිනවා. දැනට අනුමාන කර ඇත්තේ සුළි කුණාටුව හේතුවෙන් දැඩි වර්ෂාපතනයක් ඇද හැලෙනු ඇති බවටයි.


මේ අතර දරුණු ලැව් ගිනි තත්ත්වයකින් බලපෑම් එල්ල වී ඇති කැනඩාවේ බටහිර පළාතට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවාග ගත වූ පැය 24 තුළ ලැව් ගිනි හේතුවෙන් හෙක්ටයාර් 6,800ක් විනාශ වී ඇති අතර පුද්ගලයින් 22,000ක් අවතැන් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ