Saturday, May 18, 2024

General line - 0115112241

වියළි කාලගුණය හමුවේ ජලය භාවිතයේදී විමසිලිමත් වන්නැයි ඡ්‍යෂ වරුන්ගෙන් ඉල්ලීමක්

ජූඩ් සමන්ත




පවතින වියලි කාලගුණික තත්ත්වය හමුවේ විවිධ රෝගා බාධ පැතිර යාමේ අවධානම ඉහළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. 

එබැවින් ජලය භාවිත කිරීමේදී සැලකිලිමත් වන ලෙසයි එම සංගමයේ සභාපති උපුල් රෝහණ ජනතාවගෙන් ඉල්ලීමක් කළේ. 

වැව් සහ ගංගා, ඇළ දොළවල පවතින ජලය දූෂණය වී තිබිය හැකි බැවින් ඒවා භාවිත කිරීමේදී සමේ රෝග ඇතුළු විවිධ රෝග බෝවීමේ අවධානමක් පවතින බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.