Wednesday, May 15, 2024

General line - 0115112241

යුක්රේන ආරක්ෂක අමාත්‍යවරයාව ධූරයෙන් නෙරපා හරි




යුක්රේනයේ ආරක්ෂක අමාත්‍ය ඔලෙක්සි රෙස්නිකොව් එම ධූරයෙන් නෙරපා හැර තිබෙනවා. 

ඒ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් ස්ලෙනෙස්කි විසින්. 

ජනාධිපතිවරයා විසින්ම බවයි ආරක්ෂක අමාත්‍යවරයා ධූරයෙන් පහ කරන බව නිවේදනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම ආරම්භ කිරීමට පෙර සිටම යුක්රේනයේ ආරක්ෂක අමාත්‍යාංශය පැවතුනේ ඔලෙක්සි රෙස්නිකොව් යටතේයි.

 එහෙත් ආරක්ෂක අමාත්‍යාංශය වෙනස් විය යුතු කාලය එළඹ ඇති බවයි ආරක්ෂක අමාත්‍යවරයා ධූරයෙන් ඉවත් කිරීම ප්‍රකාශයට පත් කරමින් යුක්රේන ජනාධිපතිවරයා පවසා ඇත්තේ. නව ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාගේ සමීපතමයෙකු නම් කිරීමේ සූදානමක් පවතින බවයි වාර්තා වන්නේ