Friday, September 20, 2024

General line - 0115112241

“සමහරුන්ට ඕන මාව අයින් කරන්න” – ඕස්ට්‍රේලියානු සටනට පෙර ඩිල්ෂාන් කට අරී



තවත් දෙමසකින් හතළිස්‌ වැනි උපන්දින කේක්‌ ගෙඩිය කැපීමට සුදානමින් සිටින තිලකරත්න ඩිල්ෂාන් ඕස්ට්‍රේලියාව සමග පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා නම් කර තිබෙනවා.

මෙම නම් කිරීම සම්බන්ධයෙන් විවිද අදහස් පළවන අතර ඔහුව ඉවත් කිරීමට ඇතැමුන් උත්සාහ කළ බව ද නිල නොලත් ආරංචි මාර්ග පවසනවා.
මේ සම්බන්ධයෙන් ඩිල්ෂාන්ද ප්‍රකාශයක් කර ඇති අතර එයින්ද පෙන්නුම් කෙරෙන්නේ අර්බුධයක් මතුව තිබූ බවයි.

”මම සමුගන්න තීරණය කරල නැහැ. මම හොඳින් ක්‍රීඩා කරන නිසා එහෙම හිතන්න අවශ්‍යතාවක්‌ නැහැ. ඒත් සමහරුන්ට ඕන ඇති මාව අයින් කරන්න.” යනුවෙන් ඔහු සඳහන් කර තිබෙනවා.

ඩිල්ෂාන් අවසන් එක්‌දින ඉනිම දහය තුළදී අර්ධ ශතක හතරක්‌ ලබා ගනිමින් ශ්‍රී ලංකා පිලේ වැඩිම ලකුණු ලාභීන් අතර පෙරමුණේ පසුවීම විශේෂත්වයක්.