Tuesday, December 24, 2024

General line - 0115112241

නොවැම්බරයේ උද්ධමනය පහළට




ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව පසුගිය නොවැම්බර් මාසයේ මෙරට උද්ධමනය සියයට සෘණ 1.7 ක් දක්වා තවදුරටත් පහළ ගොස් තිබෙනවා. 

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවසුවේ පසුගිය ඔක්තෝබර් මාසයේ දී උද්ධමනය සියයට සෘණ 0.7 ක් ලෙස වාර්තා වූ බවයි. 

එම මාසයේ දී සියයට 1.3 ක් ලෙසින් සටහන්ව තිබූ ආහාර උද්ධමනය පසුගිය මාසයේ දී සියයට 0% ක් දක්වා අඩුවී තිබෙනවා. 

එමෙන්ම ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය සියයට සෘණ 2.3 සිට සියයට සෘණ 3.1 ක් දක්වාද පහළ ගොස් ඇති බවයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ පළමු වරට අද සියලු කොටස් මිල දර්ශකය ඒකක 15,000 සීමාව ඉක්මවා ගියා. 

එය දැක්වුනේ ඒකක 15,047.81 ක් ලෙසයි.