Friday, May 3, 2024

General line - 0115112241

 හමාස් සංවිධානය අපායේ දොරටු විවෘත කළ බව ඊශ්‍රායලය කියයි.




ගාසා තීරයේ ක්‍රියාත්මක හමාස් සටන් කාමීන් විසින් එල්ල කරන ලද ප්‍රහාරවලට දරුණු ප්‍රතිප්‍රහාර එල්ල කරන බව ඊශ්‍රායලය පවසනවා.

ඒ අනුව, හමාස් සංවිධානයට දරුණු ප්‍රතිවිපාක සඳහා මුහුණ දීමට සිදුවනු ඇති බවයි ඊශ්‍රායලය පැවසුවේ. සිය රටට ප්‍රහාර එල්ල කරමින් හමාස් සංවිධානය අපායේ දොරටු විවෘත කළ බවද ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කළා.

එමෙන්ම, ගාසා තීරයේ යථාර්ථයේ මුහුණුවරද වෙනස් කරන බවයි ඊශ්‍රායලය අවධාරණය කර ඇත්තේ.

හමාස් සටන් කාමීන් එල්ල කළ ප්‍රහාර හමුවේ ඊශ්‍රායල වැසියන් 300කට අධික පිරිසක් මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඊශ්‍රායලය එල්ල කළ ප්‍රතිප්‍රහාර හමුවේ ගාසා තීරයේද පුද්ගලයින් 232කු මිය ගොස් තිබෙනවා.