Friday, May 3, 2024

General line - 0115112241

ඇෆ්ගනිස්ථානයේ භූකම්පනයෙන් මිය ගිය ගණන 2,000 ඉක්මවයි - 9,000 කට තුවාල




ඇෆ්ගනිස්ථානයේ හේරාට් ප්‍රාන්තයට බලපැ භූමිකම්පාවෙන් මිය ගිය ගණන දෙදහස ඉක්මවා තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ තලෙයිබාන් පාලනය විසින් ඒ බව තහවුරු කර ඇති බවයි. භූකම්පනය හමුවේ තුවාල ලැබු පුද්ගලයින් සංඛ්‍යාව නව දහස ඉක්මවා තිබෙනවා.

ඇෆ්ගනිස්ථානයට බලපෑ භූ කම්පනයේ ප්‍රභලත්වය වාර්තා වන්නේ මැග්නිටියුඩ් ඒකක 6යි දශම 3ක් ලෙසයි.

ඉන් අනතුරුව එම ප්‍රදේශය ආශ්‍රිතව පසු කම්පන කිහිපයක්ම සිදුව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

භූ කම්පනයේ බලපෑම හේවෙන් ඇෆ්ගනිස්ථානයේ ගම්මාන 12ක් පමණ සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඇෆ්ගනිස්තානයට මෙතෙක් බලපෑ දරුණුතම භූ කම්පනය එය බවයි වාර්තා වන්නේ.