Tuesday, May 14, 2024

General line - 0115112241

ඉරානය අතුගා දමන බවට ඊශ්‍රායලයෙන් ප්‍රතිඥා




ගාසා යුද්ධයේ පැටලී සිටින ඊශ්‍රායලය ඉරානයට ප්‍රභල තර්ජනයක් එල්ල කර තිබෙනවා.

ඒ අනුව, ඊශ්‍රායලය පවසන්නේ ගාසා යුද්ධයේදී හමාස් සංවිධානය සමඟ හිස්බුල්ලා සංවිධානය එක්වුවහොත් ඉරානයට එරෙහිව හමුදා මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බවයි.

එහිදී, ඊශ්‍රායලය ඉරානය සමාන කර ඇත්තේ සර්පයෙකුටයි. ඒ අනුව, ගාසා යුද්ධයේදී හිස්බුල්ලා සංවිධානය හමාස් සංවිධානය සමඟ එක් වුවහොත් සර්පයාගේ හිස ගසා දමන බවයි ඊශ්‍රායලය පවසන්නේ.

මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඊශ්‍රායලයේ ආර්ථික අමාත්‍ය නීර් බාර්කට් විසින්. එහිදී ඔහු ඉරානයේ උත්තරීතර නායක අයතොල්ලා අලිකමේනිටද ප්‍රභල චෝදනාවක් එල්ල කර තිබෙනවා. 

හිස්බුල්ලා සංවිධානය හමාස් සංවිධානය සමඟ එක්වුවහොත් ඉරානයේ සිටින අයතුල්ලාවරුන් පෘථිවි තලයෙන් අතුගේ දමන බවයි ඊශ්‍රායලයේ ආර්ථික අමාත්‍ය නීර් බාර්කට් පවසා ඇත්තේ.

හමාස් සංවිධානය ගාසා තීරයේ ක්‍රියාත්මකව සිටින අතරතුර හිස්බුල්ලා සංවිධානය පලස්තිනය තුළ සහ ලෙබනනය තුළ ක්‍රියාත්මකව සිටිනවා.

ඒ අනුව, ගාසා යුද්ධයේදී හමාස් සංවිධානයට සහය පල කිරීමක් වශයෙන් හිස්බුල්ලා සංවිධානයද පලස්තීනයේ සිට සහ ලෙබනනයේ සිට ඊශ්‍රායලයේ ඉලක්ක වෙත අඛණ්ඩව ප්‍රහාර එල්ල කරනවා.

ලෙබනනයේ දකුණු දේශ සීමාව මේදිනවල උණුසුම් මුහුණුවරක් ගෙන ඇත්තේ ඒ හමුවේයි.

හිස්බුල්ලා සංවිධානය මෙහෙයවමින් ඔවුන්ට මූල්‍යාධාර සහ යුද ආධාර සපයන්නේ ඉරානය බවටයි පැවසෙන්නේ.