Tuesday, May 14, 2024

General line - 0115112241

ගාසා තීරයට දිනකට ආහාර ට්‍රක් රථ 100 ක අවශ්‍යතාවක්




ගාසා තීරයට හිමිවන ආධාර තොග ප්‍රමාණවත් නොවන බව ලෝක ආහාර වැඩසටහන පවසනවා. එම වැඩසටහන පැවසුවේ ආධාර රැගත් තවත් ට්‍රක් රථ 40 ක් පමණ අද දිනයේ ගාසා තීරයට ඇතුළු වීමට නියමිත බවයි.

ඒ අනුව ගාසා තීරයේ සිටින මිලියනයක පමණ ජනතාවට දිනකට අවශ්‍ය ආහාර සහ ජලය සැපයීමට ආධාර රැගත් ට්‍රක් රථ 40 ක් පමණ අවශ්‍ය බවයි ලෝක ආහාර වැඩසටහන පවසන්නේ.

එහි සිටින මිලියන 02 ක පමණ ජනතාවට අවශ්‍ය ආහාර ලබාදීමට නම් දිනකට ගාසා තීරයට ට්‍රක් රථ 100 ක් පමණ අවශ්‍ය වන බවයි ලෝක ආහාර වැඩසටහන පැවසුවේ. 

මේ අතර සිය භාරයේ සිටින ප්‍රාණ ඇපකරුවන් පිරිස මුදාහැරීම සඳහා හමාස් සංවිධානය තවත් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව හමාස් සංවිධානය පවසන්නේ ඊශ්‍රායලය භාරයේ සිටින හමාස් සිරකරුවන් සඳහා ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කිරීමට සූදානම් බවයි.

එහෙත් ඊශ්‍රායලය මෙතෙක් ඊට ප්‍රතිචාර දක්වා ඇතැයි වාර්තා වන්නේ නැහැ. 

මේ අතර ගාසා ගැටුම් හේතුවෙන් මේවනවිට මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 10,000 කට ආසන්න වි තිබෙනවා. ඉන් 8,000 ක් ගාසා වැසියන්.