Saturday, April 27, 2024

General line - 0115112241

ඉරාකයේ අමෙරිකානු කඳවුරකට රොකට් ප්‍රහාර මාලාවක්




ඉරාකයේ පිහිටි හමුදා කඳවුරක් ආසන්නයට රොකට් ප්‍රහාර මාලාවක් එල්ල වී තිබෙනවා.

අමෙරිකාව ඇතුළු විදෙස් හමුදා සාමාජිකයින් රැඳී සිටින ගුවන් හමුදා කඳවුරටද එලෙස රොකට් ප්‍රහාර මාලාවක් එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

ප්‍රහාරයේ වගකීම් මෙතෙක් කිසිදු පාර්ශවයක් විසින් භාර ගෙන නැහැ. ප්‍රහාරයෙන් කඳවුරේ රැඳී සිටි කිසිදු හමුදා සාමාජිකයෙකුට හානියක් සිදුව නොමැති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. 

මැදපෙරදිග රටක පිහිටි අමෙරිකානු හමුදාව රැඳී සිටින ගුවන් හමුදා කඳවුරකට මෙලෙස ප්‍රහාරයක් එල්ල වන්නේ ගාසා තීරය තුළ ගැටුම් උත්සන්න වී ඇති පසුබිමක් තුළයි.

ගාසා ගැටුම් හේතුවෙන් අමෙරිකාව සහ ඉරානය අතරද මතභේදාත්මක තත්ත්වයක් උද්ගත වි තිබෙනවා.

එබැවින් ඉරාකයේ පිහිටි ගුවන් හමුදා කඳවුර ඉලක්ක කර එල්ල කෙරුණු ප්‍රහාරය පිටුපස ඉරානය සිටින බවටයි අමෙරිකාව චෝදනා කළේ. 

මේ අතර, ඇතැම් ඉරාන මාධ්‍යයද වාර්තා කර තිබුණේ ඉරානයේ ක්‍රියාත්මක කැරලිකාර කණ්ඩායමක් ප්‍රහාරයේ වගකිම භාර ගෙන ඇති බවයි.

එහෙත් කිසිදු පාර්ශවයක් විසින් මේවනතෙක් එහි වගකීම නිල වශයෙන් භාර ගෙන ඇතැයි වාර්තා වන්නේ නැහැ.

ඉරාන මාධ්‍ය පැවසූ කැරලිකාර කණ්ඩායම ඉරානයේ සහය ලබන කණ්ඩායමක් බවද විදෙස් මාධ්‍ය පැවසුවා.