Saturday, April 27, 2024

General line - 0115112241

ගාසා තීරයේ පිහිටි පාසැල් 04 කට ප්‍රහාර




ගාසා තීරයේ පිහිටි පාසැල් 04 කට ඊශ්‍රායල් ප්‍රහාරවලින් හානි සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය අද වාර්තා කර තිබෙනවා. ඇතැම් පාසැල් ක්‍රියාත්මකවී තිබුණේ ආරක්ෂක ස්ථාන ලෙසයි.

පලස්තීනුවන් සඳහා වන එක්සත් ජාතීන්ගේ ඒජන්සිය පවසන්නේ මෙම පාසැල් 04 ම සරණාගත කඳවුරු ලෙස පැවති බවයි. ප්‍රහාරවලින් පුද්ගලයින් 23 කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි සඳහන්.

කෙසේවෙතත් ප්‍රහාරවලින් පාසැල්වලට හානි සිදුවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ කිසිදු ප්‍රභල සංවිධානයක් හඬ නගා නොමැති බවටයි විදෙස් මාධ්‍ය චෝදනා කරන්නේ.


ඉකුත් ඔක්තෝම්බර් 07 වනදා සිට මේ දක්වා ගාසා තීරයට ඊශ්‍රායලය විසින් එල්ලකරන ලද ප්‍රහාර සංඛ්‍යාව දහසකට අධික බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. හමාස් ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ 1,400 කට ද, ඊශ්‍රායල් ප්‍රහාරවලින් ගාසා තීරයේ 9,000 කට ද මේ වන විටත් ජීවිත අහිමිවී අවසන්.