Saturday, April 27, 2024

General line - 0115112241

ඊශ්‍රායල් හමුදාව ගාසා නගරය වට කරයි




සිය හමුදාව ගාසා නගරය වටකර ඇතැයි ඊශ්‍රායලය පවසනවා. ගාසා තීරයේ පිහිටි ගාසා නගරය වට කළ බව පැවසුව ද ගාසා තීරය ආක්‍රමණය ආරම්භ කළේ ද යන්න ඊශ්‍රායලය මෙතෙක් නිශ්චිතව පවසා නැහැ.

කෙසේවෙතත් ඊශ්‍රායලය තවදුරටත් අඛණ්ඩව ගාසා තීරයේ පිහිටි හමාස් සංවිධානයේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරමින් සිටිනවා.


මේ අතර ඊශ්‍රායලයේ ප්‍රකාශය සඳහා ප්‍රතිචාර දක්වමින් හමාස් සංවිධානය පවසන්නේ ගාසා නගරයට ඇතුළු වන ඊශ්‍රායල භට පිරිස්වල සිරුරු කළු පැහැ බෑග්වල ඔතා නිවසට එවන බවයි.

කෙසේවෙතත් පවතින දරුණු යුද ගැටුම් හමුවේ පලස්තීනුවන් ගාසා තීරයේ රැඳී සිටියදී විදේශිකයින් ඉන් ඉවත් වෙමින් සිටිනවා. ඒ, ඊජිප්තුවේ රෆා දේශසීමාව හරහායි.


මේ අතර ගාසා තීරය තුළ සිරවී සිටින සාමාන්‍ය වැසියන් ආහාර සහ පිරිසිදු ජලය නොමැතිව දැඩි අසීරුවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඊශ්‍රායලයේ ප්‍රහාර හා කඩා වැටුණු ගොඩනැගිලි මෙන්ම පුද්ගලයින් දහස් ගණනක් මිය යාම හේතුවෙන් ගාසා තීරයේ මාර්ග සියල්ල කසලවලින් පිරී ගොස් ඇතැයි සඳහන්. එමෙන්ම පවතින්නේ ද අපිරිසිදු ජලය බවයි පැවසෙන්නේ.

දරුවන් ඇතුළු සෑම පුද්ගලයෙකුම පාහේ මේ වනවිට එම ජලය පානය කරන බවත්, දරුවන් උදරාබාධ සහ විවිධ ලෙඩ රෝගවලට ලක්ව ඇති බවත් සඳහන්.