Sunday, December 22, 2024

General line - 0115112241

ක්‍රිකට් පරාජය දරා ගත නොහැකිව ඉන්දියානුවන් දෙදෙනෙකු මිය යයි




ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ ඉකුත් දා පැවති අවසන් මහා තරඟයේදී ඕස්ට්‍රේලියාව හමුවේ ඉන්දිය කණ්ඩායම ලද අමිහිරි පරාජය දරා ගැනීමට නොහැකිව පුද්ගලයින් දෙදෙනෙකු සිය දිවි නසාගෙන ඇතැයි පොලිසිය පවසනවා.

එලෙස මිය ගොස් ඇත්තේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ බංකුරා ප්‍රදේශයේ සහ ඔඩිෂා ප්‍රාන්තයේ ජජ්පූර්හි පදිංචිව සිටි 23 හැවිරිදි වියේ පසුවූ තරුණයින් දෙදෙනෙක්. 


ඉන්දිය කණ්ඩායම ලද පරාජයෙන් පසු එම තරුණයින් දෙදෙනා දැඩි සිත් තැවුලෙන් පසු වූ බවයි ඔවුන්ගේ ඥාතීන් පොලිසියට පවසා ඇත්තේ. පරාජය හමුවේ ඇති වූ කම්පන තත්ත්වය දරා ගැනිමට නොහැකිව ඔවුන් එලෙස මිය ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

මිය ගිය දෙදෙනාගෙන් එක් අයෙකු මානසික ආතතිය සඳහා ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.