ඊශ්‍රායලය සහ ගාසා තීරය අතර සටන් විරාම සාකච්ඡා සියයට අනූවකින් අවසන් වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය පවසන්නේ එම සාකච්ඡාවේදී ඊශ්‍රායලය සහ ගාසා තීරය අතර සටන් විරාමයක් ඇති කර ගැනීම පිළිබඳව සහ ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීම පිළිබඳව සාකච්ඡා සිදුකර ඇති බවයි.
ඒ අනුව ඉදිරි දින කිහිපයේදී අදියර තුනකින් යුත් සටන් විරාමයක් ඇති වීමට හැකියාවක් ඇති බවට වාර්තා පළ වනවා.
සටන් විරාමයේ පළමු අදියර තුනෙන් පලස්තීන සිරකරුවන් 20 දෙනෙකු හුවමාරු කර ගැනීම එම ගිවිසුමට ඇතුළත් වී ඇති බව සඳහන්.
ඒ අනුව ඊශ්‍රායලයේ වසර 25 ක් හෝ ඊට වැඩි කාලයක් සිරදඬුවම් විඳිමින් සිටින සිරකරුවන් 400ක් අතරින් නිදහස ලබන සිරකරුවන් තෝරා ගත යුතු වනවා.
මේ අතර අතුරුදහන් වූ ඊශ්‍රායල ජාතිකයන් සහ ප්‍රාණ ඇපකරුවන්ගෙන් කිහිපදෙනෙක් හමාස් සංවිධානයට තවමත් සොයා ගැනීමට නොහැකි වී ඇති බැවින් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම අදියර වශයෙන් සිදුකරන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
කෙසේවෙතත් ඊශ්‍රායලය විසින් නව කොන්දේසි පැනවීම නතර කළහොත් පමණක් සටන් විරාම ගිවිසුමකට එළඹීම සාර්ථක වනු ඇති බවයි හමාස් සංවිධානය පැවසුවේ.