Wednesday, May 15, 2024

General line - 0115112241

ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීම කල් යයි




ගාසා තීරයේ ක්‍රියාත්මක හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය සටන් විරාමයක් සඳහා එකග වීම හමුවේ හමාස් සංවිධානය භාරයේ සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් සම්බන්ධයෙන් යම් බලාපොරොත්තුවක් මතුව තිබෙනවා.

දෙපාර්ශවය එකග වූ පරිදි හමාස් සංවිධානය භාරයේ සිටින ප්‍රාණ ඇපකරුවන් සහ ඊශ්‍රායලය භාරයේ සිටින පලස්තීන සිරකරුවන් පිරිසක් හුවමාරු කිරීමටයි තීරණය කර තිබුණේ.

ඒ අනුව ඊශ්‍රායල වේලාවෙන් අද උදෑසන 10 ට සටන් විරාමයක් ද ආරම්භ වීමට නියමිතව තිබුණා.

ඒ අනුව හමාස් සංවිධානය සිය භාරයේ සිටින ප්‍රාණ ඇපකරුවන් 50 දෙනෙකු මුදා හැරීමට එකග වී ඇති අතර ඊශ්‍රායලය විසින් සිරගත කර සිටින පලස්තීන කාන්තාවන් හා ළමුන් 150 දෙනෙකු මුදා හැරීමට නියමිතයි.

එම හුවමාරුව අද සිදුවනු ඇති බවට මීට පෙර වාර්තා පළ වුණා.

කෙසේවෙතත් අමෙරිකාව මේ වනවිට පවසන්නේ ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීම හෙට සිදුවනු ඇති බවයි. එමෙන්ම හමාස් සංවිධානය සටන් විරාමයක් ගැන පැවසුව ද ප්‍රමාද වන බව ඊශ්‍රායලය පවසා තිබෙනවා.