Thursday, May 16, 2024

General line - 0115112241

දින 50 ක ගාසා ගින්න දින 04 කට නිවෙයි




ලෝකයම උණුසුම් කරමින් ඇවිලී ගිය ගාසා ගින්න අද නතර වුණා.

ඒ, දින 4 කටයි. ඔක්තෝම්බර් 7 වනදා සිට මේ දක්වා පැවති ඊශ්‍රායල් හමාස් ගැටුම් මෙලෙස තාවකාලිකව නතර වන්නේ හමාස් සංවිධානය රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීම සඳහායි.

එහි පළමු කණ්ඩායම ලෙස ප්‍රාණ ඇපකරුවන් 13 දෙනෙකු මුදාහැරෙනු ඇති.

දෙපාර්ශවය අතර ඇතිකරගත් ගිවිසුම යටතේ හමාස් සංවිධානය කාන්තාවන් සහ ළමුන් ඇතුලු ප්‍රාණ ඇපකරුවන් 50 දෙනෙකු ද ඊශ්‍රායලය පලස්තීන සිරකරුවන් 150 දෙනෙකු ද නිදහස් කිරීමට නියමිතයි. 

සටන් විරාමය ක්‍රියාත්මක වීමට මොහොතකට පෙර ද ගාසා තීරයට මෝටාර් සහ ගුවන් ප්‍රහාර එල්ලවී තිබුණා.

ඔක්තෝම්බර් 7 වනදා සිට හමාස් ප්‍රහාරවලින් පුද්ගලයින් 1,200 ක් ද, ඊශ්‍රායල් ප්‍රතිප්‍රහාරවලින් 14,000 ක් ද මේ වන විටත් ජීවිතක්ෂයට පත්ව අවසන්.