Thursday, May 9, 2024

General line - 0115112241

පකිස්තානය තවමත් අතරමග ද?




පකිස්තානයේ ණය “තිරසාර නොවන” බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කිරීමෙන් පසුවද ඉදිරි පියවර සඳහා එළඹීම වෙනුවෙන් පකිස්තානය ක්‍රියාපිළිවෙත ඉතා මන්දගාමී බව එරට හිටපු මහ බැංකු අධිපතිවරයෙකු වන ෂාහිඩ් කාර්දාර් පවසනවා.

ණය ලබාගැනීමේ ක්‍රියාවලියේ මීලග පියවර සම්බන්ධයෙන් පකිස්තාන රජය නිශ්ශබ්ද බවයි ඔහු පවසන්නේ.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සුදුසුකම් ලැබීමට නම් පකිස්ථානය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සමීපව කටයුතු කර කොන්දේසි සපුරාලිය යුතු බව ද හිටපු මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළා.

බැංකු පොලී අනුපාත සහ බදු ප්‍රතිපත්තිය එහිදී වැදගත් බව ද ඔහු පෙන්වා දී තිබෙනවා.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම ඉදිරියට පවත්වා ගෙන යාම සඳහා සුදුසුකම් ලැබීමට පකිස්තානය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  වැඩසටහන නිසි පරිදි ක්‍රියාත්මක කල යුතු බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.