Thursday, May 9, 2024

General line - 0115112241

ඉන්දියාවට කඩා වැදුණු “මිජවුම්” චෙන්නායි ජන ජීවිතය අඩාල කරයි




“මිජවුම්” සුළි කුණාටුවෙන් දකුණු ඉන්දියාවේ තමිණ්ලාඩු ප්‍රාන්තයට සහ ආන්ද්‍රා ප්‍රදේශ ප්‍රාන්තයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය පැවසුවේ ඉන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ චෙන්නායි නගරයට බවයි.

චෙන්නායි නගරයට ඉකුත් ඉරිදා උදෑසන සිට ඊයේ දිනය දක්වා මිලි මිටර් 400ක පමණ වර්ෂාපතනයක් ලැබී ඇති බව ඉන්දිය මාධ්‍ය  වාර්තා කළා.

ඒ හමුවේ චෙන්නායි නගරයේ ප්‍රදේශ රැසක් ජලයෙන් යට වි තිබෙනවා. 

ධාවන පථය ජලයෙන් යටවිම හේතුවෙන් ඊයේ වසා දැමුණු චෙන්නායි ගුවන් තොටුපළ අද උදෑසන විවෘත කිරීමට නියමිතයි.

කෙසේවෙතත් මහාමාර්ග සහ දුම්රිය ස්ථාන රැසක් ජලයෙන් යට විම හේතුවෙන් ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන් පාහේ ඇණහිට තිබෙනවා.

පවතින තත්ත්වය හමුවේ තමිල්ණාඩු ප්‍රාන්ත රජය විසින් ඊයේ සහ අද දිනය නිවාඩු දචින දෙකක් ලෙසයි ප්‍රකාශයට පත් කර තිබුණේ.

පාසැල් රැසක් වසා දමා ඇති අතර රජයේ කාර්යාලද වසා දමා තිබෙනවා.

මේ අතර, ආපදා තත්ත්වය හේතුවෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාවද 05ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළා.

ජල ගැලීම් පවතින ප්‍රදේශවල කිඹුලන් ගැවසීම හේතුවෙන් ජනතාව පීිඩාවට සහ භීතියට පත්ව සිටින බවයි වාර්තා වන්නේ. 

සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් පවතින සුළං ප්‍රවාහයන් හමුවේ ගස් කඩා වැටී ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම බිඳ වැටී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.