Wednesday, May 8, 2024

General line - 0115112241

ඊශ්‍රායලයෙන් යළිත් ප්‍රභල මෙහෙයුමක් - ගාසා තීරයේ අන්තර්ජාල සහ දුරකථන සබඳතා බිඳ වැටෙයි




හමාස් සංවිධානයට එරෙහිව ඊශ්‍රායල හමුදාව යළින් ප්‍රබල මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

ඒ අනුව, ඔවුන් මෙවර ආක්‍රමණය කරමින් සිටින්නේ ගාසා තීරයේ දකුණු දිග ප්‍රදේශයයි.

ගාසා තීරයේ දකුණු දිග ප්‍රදේශය වෙත ඊශ්‍රායලයේ යුධ ටැංකි විශාල සංඛ්‍යාවක් ඇතුළු වෙමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඊශ්‍රායලයේ මෙවර ඉලක්කය වි ඇත්තේ හමාස් සංවිධනයේ තවත් බලකොටුවක් ලෙස සැලකෙන ගාසා තිරයේ ඛාන් යුනිස් නගරයයි. 

එම නගරයෙන් වහාම ඉවත් වන ලෙස ඊශ්‍රායල හමුදාව සමාජ මාධ්‍ය සහ අත්පත්‍රිකා බෙදා හරිමින් ගාසා වැසියන්ට දැනුම් දුන්නා.

ගාසා තීරයේ උතුරු දිග ප්‍රදේශයෙන් පලා ආ බොහෝ පිරිසක් මේවනවිට රැඳී සිටින්නේ දකුණු දිග ප්‍රදේශයේයි.

එවන් පසුබිමක් තුළ ඊශ්‍රායල හමුදාව දකුණු දිග ප්‍රදේශයත් ආක්‍රමණය කිරීම හමුවේ ගාසා වැසියන් ආරක්ෂිත ස්ථානයක් නොමැතිව අසරණ තත්ත්වයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයද පවසන්නේ යුද ගැටුම් දකුණු දිග ප්‍රදේශයටත් පැතිර යන බැවින් ගාසා තීරයේ කිසිදු ස්ථානයක් සිවිල් වැසියන් සඳහා ආරක්ෂිත ස්ථානයක් නොවන බවයි.

මේ අතර, ගාසා තීරයේ සියලු අන්තර්ජාල සහ සන්නිවේදන සේවා සම්පූර්ණයෙන් බිඳ වැටී ඇතැයි එහි ප්‍රධාන සන්නිවේදන සමාගම ප්‍රකාශ කළා.