Thursday, May 9, 2024

General line - 0115112241

යුක්ක්‍රේන යුද්ධය නිසා රුසියාව සහ නේපාලය අතරත් අර්බුදයක්




සිය පුරවැසියන් හමුදාවට බඳවා නොගන්නා ලෙස නේපාලය රුසියාවෙන් ඉල්ලීමක් කරනවා.

දැනට රුසියානු හමුදාවට අනියුක්තව සේවය කරන නේපාල ජාතික සොල්දාදුවන් වහාම සිය රට වෙත පිටත් කර එවන ලෙසයි නේපාලය රුසියාවෙන් ඉල්ලීමක් කර ඇත්තේ.

රුසියන් හමුදාවට එක්ව සිටි නේපාල ජාතික සොල්දාදුවන් 06 දෙනෙකු  යුක්ක්‍රේනයේදී මිය ගොස් ඇතැයි අනාවරණය වීමෙන් පසුව නේපාලය මෙම ඉල්ලීම සිදුකර තිබෙනවා.

ඒ අනුව මිය ගිය සොල්දාදුවන්ගේ මෘත දේහ කඩිනමින් භාර දෙන ලෙසත් ඔවුන්ගේ පවුල් සඳහා වන්දියක් ගෙවන ලෙසත් නේපාල විදේශ කටයුතු අමාත්‍යංශය රුසියාවට දැනුම් දී ඇතැයි සඳහන්.

“ගුර්කාස්” ලෙස හැදින්වෙන නේපාල සොල්දාදුවන් ඔවුන්ගේ නිර්භීත බව සහ සටන් කුසලතා හේතුවෙන් ලොවපුරා ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා.

ඉන්දියාව සහ බ්‍රිතාන්‍ය  සමඟ පවතින ගිවිසුමක් හේතුවෙන් නේපාල සොල්දාදුවන් බ්‍රිතාන්‍ය   සහ ඉන්දීය හමුදාව සමඟ කටයුතු කළද රුසියාව සමඟ එවැනි කිසිදු ගිවිසුමක් නොමැති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.