Thursday, May 9, 2024

General line - 0115112241

ගාසා යුද්ධය මැද පුටින් අද මැදපෙරදිගට




රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අද සෞදි සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පැමිණීමට නියමිත බව වාර්තා වනවා.

එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස සමුළුව මේ දිනවල එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ඩුබායි හිදී පැවැත්වුන ද රුසියානු ජනාධිපතිවරයා එවැනි අවස්ථාවකට සහභාගී වන්නේ ද යන්න හෝ ඔහුගේ මෙම හදිසි මැදපෙරදිග සංචාරයේ අරමුණ කුමක්ද යන්න සම්බන්ධයෙන් රුසියාව මෙතෙක් ප්‍රතිචාර දක්වා නැහැ.

යුක්රේන යුද්ධය ආරම්භයෙන් අනතුරුව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සිය විදෙස් සංචාර අතිශය සීමා කරනු ලැබුවා.

එමෙන්ම යුද අපරාධ චෝදනා එල්ල වී ඇති බැවින් ජාත්‍යන්තර අපරාධ අධිකරණය ද රුසියානු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබෙනවා.

එවැනි පසුබිමක් තුළයි ඔහු මෙලෙස මැදපෙරදිග සංචාරයක නිරත වන බවට වාර්තා පල වන්නේ. කෙසේවෙතත් එම සංචාරයේදී රුසියානු ජනාධිපතිවරයා සෞදි සහ එක්සත් අරාබි එමීර් බලධාරීන් සමග ද්විපාර්ශවික සබඳතා වර්ධනය සම්බන්ධයෙන් මෙන්ම ගාසා යුද්ධය සම්බන්ධයෙන් ද සාකච්ඡා පවත්වනු ඇති බවයි රුසියානු ජනාධිපති කාර්යාලය පැවසුවේ.