Thursday, May 9, 2024

General line - 0115112241

ගාසා තීරයට ඉල්ලා සිටි සටන් විරාම යෝජනාවක් ප්‍රතික්ෂේපයි




ගාසා තීරයට කඩිනම් සටන් විරාමයක් ඉල්ලා සිටිමින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට ඉදිරිපත් කෙරුණු යෝජනාවක් ප්‍රතික්ෂේප වි තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ අමෙරිකාව විසින් සිය නිශේධ බලය භාවිතා කර එම යෝජනාව ප්‍රතික්ශේප කර ඇති බවයි. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ සාමාජිකයින් 15 දෙනාගෙන් 13 දෙනෙකු එම යෝජනාවට පක්ෂව ඡන්දය භාවිතා කර තිබෙනවා. බි්‍රතාන්‍ය පමණක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. අදාළ යෝජනාව ඉදිරිපත් කර තිබුණේ එක්සත් අරාබි එමිර් රාජ්‍යයි. 


මෙම තීරණය හේතුවෙන් අමෙරිකාවට ජාත්‍යන්තරයෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ පලස්තීනයට පක්ෂපාතී කණ්ඩායම් සහ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන අමෙරිකාවට සිය විරෝධය පළ කර ඇති බවයි. පලස්තිනයද අමෙරිකාවේ තීරණය සම්බන්ධයෙන් ප්‍රභල විරෝධයක් එල්ල කළා. පලස්තීනය පවසන්නේ අදාළ යෝජනාවට එරෙහිව අමෙරිකාව සිය නිශේධ බලය භාවිත කිරීම විනාශකාරී සහ නින්දා සහගත ක්‍රියාවක් බවයි. 
අමෙරිකාවේ තීරණය ගාසා වැසියන් ඝාතනය කිරිමට ඍජු සහභාගීත්වයක් දැක්වීමක් බවයි හමාස් සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ.