Friday, September 20, 2024

General line - 0115112241

මම හිටියේ ලොකු කලකිරීමකින්..පැනලා දුවන්නේ නෑ – අද පිටියට බසින ශ්‍රී ලංකා නායකයා කියන කතාව



ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිවුස් අද (21)එක්දින තරගාවලියට  පිවිසෙන්නේ ජයග්‍රාහී නායකයෙක් ලෙසයි.

පසුගිය කාලයේ කලකිරීමට ලක්ව සිටි ඔහු ඒ සම්බන්ධයෙන් දැනට දින කිහිපයකට පෙර හෙළිදරවු කර තිබෙනවා.

ඒ මාධ්‍යවේදියෙක් සමග ඇතිවූ සාකච්ඡාවක දීයි.

එහිදී ඔහු කරන ලද ප්‍රකාශයේ කොටසක් පහතින් දැක්වෙනවා.

“ඇත්තම කියනවා නම් කල කිරීමෙන් තමයි හිටියේ. ටිකක්‌ නොවෙයි ලොකු කලකිරීමකින්. එංගලන්තයේදී ලැබූ පරාජයත් සමග සමහර අවස්‌ථාවලදී සමහර දේවල් ඔලුවට ආවා. නමුත් අමාරු අවස්‌ථාවේදී කණ්‌ඩායම එක්‌ක ඉඳලා කණ්‌ඩායමට ශක්‌තියක්‌ වෙන්න ඕන කියන එක නිතරම මගේ ඔලුවේ වැඩ කළා. සමහර අවස්‌ථාවලදී එක එක සිතුවිලි එනවා. නමුත් ඒ වෙලාවෙ මම හිතුවෙ පරාද වෙලා ඉන්න වෙලාවේ පැනලා දුවන්නේ නැතිව කණ්‌ඩායමට ශක්‌තියක්‌ වෙලා මම සිටිය යුතුයි කියලා.
මං හිතන්නේ කණ්‌ඩායමක්‌ පරාජයට පත් වෙනකොට ගොඩක්‌ අය කියන දෙයක්‌ තමයි කණ්‌ඩායම හරි නෑ කියන එක. නායකත්වය වහා වෙනස්‌ විය යුතුයි වගේ දේවල් කියන සෑහෙන පිරිස්‌ අප අතර ඉන්නවා. මං හිතන්නේ නායකයකු ලෙස ඒ කියන සියලු දේවල් ඉවසාගෙන සිටිය යුතුයි.ඕනෑම කෙනෙකුට ඕනෑම අවස්‌ථාවක විවේචන එල්ල කරන්න පුලුවන්. මොකද ඒ විවේචන කරන කෙනා ඉන්නේ ඒ අවස්‌ථාවෙදි එළියේ.

නමුත් මම ඉන්නේ ක්‍රීඩාංගණයේදී. එහිදී එළියෙ ඉන්න කෙනාට පේන දේ නොවෙයි මට පෙන්නේ. ඒ දේවල් හාතිපසින්ම වෙනස්‌. ඉතිං මට ඇතුලේ පේන දේවල් වලට අනුව මට හරියි කියලා හිතන දේ තමයි මම කරන්නේ. පන්දු යවන්නන් යොදා ගන්නකොට හරියන්න පුලුවන්. ඒ වගේම වරදින්නත් පුලුවන්. හුඟක්‌ වෙලාවට හරි දේ කරන්න තමයි මම උත්සාහ කරන්නේ. ඉතිං ඔය කියන අවස්‌ථාවලදී ඕනෑම කෙනෙකුට විවේචන එල්ල කරන්න පුලුවන්. “