Friday, September 20, 2024

General line - 0115112241

ඕස්ට්‍රේලියා තරගයට පැය කිහිපයයි – ගුවන් යානයෙන් බැස අවසන් මොහොතේ එක්වූ ලංකාවේ ක්‍රීඩකයා මෙන්න



ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පළමු එක්දින තරගය තවත් පැය කිහිපයකින් ආරම්භ වනවා.

ඒ,කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේදී.

එක්දින තරගය සඳහා සංචිතයට නම් කර ඇති ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් ඊයේ (20)දිනයේ ගුවන් යානයෙන් බැස එසැණින් පුහුණුවීම් සඳහා එක්වූ පුවතක් මේ අතර වාර්තා වනවා.

ඒ ,අමිල අපොන්සු ක්‍රීඩකයායි.

දඟ පන්දු යවන ක්‍රීඩක අමිල අපොන්සු මෙලෙස අවසන් මොහොතේ ජාතික කණ්ඩායමට එක්ව ඇත්තේ දකුණු අප්‍රිකාවේ සිට පැමිණ බවයි වාර්තා වන්නේ.

ඔහු ශ්‍රී ලංකාවේ කණ්ඩායමක් සමග පසුගිය දා දකුණු අප්‍රිකාවේ තරග සංචාරයකට පිටත්ව ගොස් සිටියා.

amila