Thursday, May 9, 2024

General line - 0115112241

සිරගතව සිටින ඉම්රාන් ඛාන්ට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඇප




පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ඇප නියම කර තිබෙනවා.

රාජ්‍ය රහස් හෙළි කිරීම සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව ගොනු කර තිබූ නඩුවකට අදාළවයි.

ඉම්රාන් ඛාන්ට ඇප නියම වීම පකිසාත්නායේ එළඹෙන මහ මැතිවරණයේදී ඉම්රාන් ඛාන් නියෝජනය කරන පී ටී අයි පක්ෂයට වාසි සහගත වනු ඇති බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ.

කෙසේවෙතත් ඉම්රාන් ඛාන්ට එරෙහිව තවදුරටත් වරෙන්තු රැසක් පවතින බැවින් ඔවුන් බන්ධනාගාරයෙන් නිදහස් වන්නේ කවදාදැයි මෙතෙක් නිශ්චිතව ප්‍රකාශයට පත්වී නැහැ.