Saturday, January 4, 2025

General line - 0115112241

ලෝකප්‍රකට ජපන් මෝටර් රථ සමාගමක් වසර 30 ක් ජනතාව රවටා ඇතැයි අනාවරණයක්




ලෝකප්‍රකට ජපන් වාහන නිෂ්පාදන සමාගමක් වන “ඩයිහට්සු” සමාගම වසර 30 ක් පුරා ජනතාව රවටා ඇතැයි අනාවරණවී තිබෙනවා.

ලොව සුප්‍රකට ටොයොටා සමාගම සතු ඩයිහට්සු සමාගම මෙලෙස ජනතාව රවටා ඇත්තේ සිය වාහනවල ආරක්ෂිත පරීක්ෂණවල ප්‍රතිඵල පිළිබඳ වැරදි තොරතුරු ජනතාව වෙත ලබාදෙමින්.

ටොයොටා සන්නාමය යටතේ අලෙවි කරන වාහන ඇතුළු වාහන මාදිළි 64 ක පමණ ආරක්ෂිත පද්ධති සම්බන්ධයෙන් වැරදි තොරතුරු නිකුත් කර ඇති බවටයි ස්වාධීන පරීක්ෂණයකින් අනාවරණවී ඇත්තේ. 

ලොව පුරා ජනප්‍රිය කුඩා මෝටර් රථ සන්නාමයක් වන ඩයිහට්සු මැලේසියාව හා තායිලන්තය පමණක් නොව ශ්‍රී ලංකාවේ ද ජනප්‍රිය මෝටර් රථ සන්නාමයක්.

මැලේසියාව හා තායිලන්තයේ අලෙවිවූ මෝටර් රථ 88,000 කට අධික ප්‍රමාණයකට ආරක්ෂිත පරීක්ෂණ පිලිබඳ ගැටළු සහගත තත්ත්වයක් මතුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙම අනාවරණයත් සමඟ ඩයිහට්සු සමාගමේ ජපන් ප්‍රධාන කර්මාන්තශාලා හතරේම නිෂ්පාදන කටයුතු නතර කර තිබෙනවා.

ඒ හේතුවෙන් රැකියා අහිමිවන පිරිස 9,000 කට ආසන්නයි. මෙම අනාවරණයත් සමඟ ටොයෝටා සමාගමේ ද කොටස් අලෙවිය කඩාවැටී තිබෙනවා.