Saturday, July 27, 2024

General line - 0115112241

විශ්වවිද්‍යාල ව්‍යවසායක ශිෂ්‍යයින් දිරිමත් කරන්න නව වැඩපිළිවලක්




විශ්වවිද්‍යාල ඉතිහාසයේ ප්‍රථම වරට විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් ලෙස කටයුතු කරන ව්‍යවසායකයින් දිරිමත් කිරීම සහ ඔවුන්ගේ නිෂ්පාදන අලෙවිය සහ ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් කැලණිය විශ්වවිද්‍යාලයේ වෘත්තීය මාර්ගෝපදේශ අංශය මගින් ව්‍යවසායකයින් 30 දෙනෙකුගෙන් පමණ Graduate Entrepreneur Online Store නම් අන්තර්ජාල වෙලද අවකාශයක් නිර්මාණය කර තිබෙනවා.

මෙමගින් මූලිකව අපේක්ෂා කරනුයේ උපාධිදාරී තරුණ තරුණියන් ව්‍යවසායකයන් ලෙස දිරිමත් කිරීම සහ ඔවුන්ගේ නිෂ්පාදන සහ සේවා අලෙවිය සදහා අවකාශයක් නිර්මාණය කර දීමයි.

මෙම වෙබ් අවකාශය දෙසැම්බර් 19 වන දින නිල වශයෙන් අන්තර්ජාලයට මුදා හැර තිබෙන අතර එය පරිශීලනය කිරීම සදහා පහත Link එක භාවිත කල හැක.

https://units.kln.ac.lk/cgu/index.php/grad-entrepreneur-online-store