ඊශ්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමි වූ ශ්‍රි ලාංකික තරුණයින් ඉඩම් ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ එකඟතාවය හිමිව තිබෙනවා.
කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව එම එකඟතාවය හිමිව ඇති බවයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පැවසුවේ.
අක්කර දෙක හමාර බැගින් එම තරුණයන්ට ඉඩම් කොටසක් ලබාදීමටයි යොජනා වී ඇත්තේ.
මෙම වසරේ විදෙස්ගත ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් ව්‍යවසායකයින් ලෙස නගා සිටුවීම සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති ඇති බවද අමාත්‍ය මනූෂ නානායක්කාර පැවසුවා.