Friday, September 20, 2024

General line - 0115112241

ලොවක් හිනැස් වූ බෝල්ට්ගේ විහිලුව ( VIDEO)



උසේන් බොල්ට් පිළිබඳව මේ වන විට ලොව බොහෝ දෙනා කතාබහ කරනවා.

ඊයේ පැවති මීටර් 100 x 4 සහය දිවීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමත් සමග බෝල්ට් සිය 9 වන ඔලිම්පික් රන් පදක්කම දිනාගත්තා.

ඔහු මීට පෙර පැවති මීටර් 100 හා මීටර් 200 ඉසව් වලදී රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර බෝලට් ඉතිහාසයට එක් වූයේ එතෙක් මෙතෙක් ලොව පහළ වූ සුපිරිතම ධාවන ශුරයා ලෙසිනුයි.

කෙසේ වෙතත් නිමා වූ පිරිමි මීටර් 200 ඉසව්වෙන් අනතුරුව මාධ්‍යවේදියෙකු සමග පැවති සාකච්චාවකදී බොල්ට් කළ දෙයක් පිලිබඳව මේ වන විට ලෝ පුරා ජනප්‍රියත්වයට පත් ව තිබෙනවා.

මෙහිදී ඔහු Mendel Bidlovski නම් ESPN හි මාධ්‍යවේදියෙකු හා සකච්ඡාවකට එක්වන අතර මාධ්‍යවේදියා කතා කරන අවස්ථාවේ ඔහුට පිටුපස සිටින බෝල්ට් ඔහුට නොපෙනෙන අයුරින් නොයෙකුත් දෑ කරමින් ඔහුව විහිලුවට ලක් කරනවා.

මේ වන විට මෙම වීඩියෝව ලොව පුරා ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා.

එම වීඩියෝව පහතින් නරඹන්න.