හෙට උදෑසන 06.30 සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් සිදු කිරීමට සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් තීරණය කර තිබෙනවා.
ඒ, සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයට අයත් වෘත්තීය සමිති නායකයින් රැස්වී මීට නොබෝ වේලාවකට පෙර ගත් තීරණයකට අනුවයි.
වෛද්‍යවරුන්ට වැඩිකල ඩැට් දීමනාව තමන්ටද ලබාදෙන ලෙස ඉල්ලමින් එම සෞඛ්‍ය වෘත්තීය සමිති 72 මීට පෙර වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වුණා.
මුදල් අමාත්‍යංශය විසින් සාකච්ඡාවක් ලබා දීමෙන් අනතුරුව එම වර්ජන ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවීමටයි සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය මීට පෙර කටයුතු කළේ.
අදාළ සාකච්ඡාව අද දිනයේ මුදල් අමාත්‍යංශයේදී පැවැත්වුණා.
ඊට එක් වූ සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ නියෝජිතයින් පැවසුවේ අද පැවති එම සාකච්ඡාව අසාර්ථක වූ බවයි.
ඒ අනුව හෙට උදෑසන 06.30 සිට අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වන බව ඔවුන් කියා සිටියා.