Sunday, January 5, 2025

General line - 0115112241

මුදල් අමාත්‍යංශය දුන් සහනයට සෞඛ්‍ය වෘත්තීය සමිති පයින් ගසයි




සෞඛ්‍ය කාර්යමණ්ඩලය  සඳහා යම් මූල්‍ය විසදුමක් ලබාදීමට ඊයේ පැවති සාකච්ඡාවේදී මුදල් අමාත්‍යංශය ඉදිරිපත්වුව ද ඊට වර්ජනයේ නිරත සෞඛ්‍ය වෘත්තිය සමිති යහපත් ප්‍රතිචාරයක් නොදැක්වූ බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසනවා.

සෞඛ්‍ය වෘත්තිය සමිති 72 ක් අද පෙරවරුවේ ආරම්භ කළ වැඩවර්ජනය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.


රෝගී ජනතාව වෙනුවෙන් සියළු පාර්ශව වගකිව යුතු බවයි සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මෙහිදී පෙන්වා දුන්නේ.


කෙසේවෙතත් සෞඛ්‍ය වෘත්තිය සමිති 72 ක් ආරම්භ කළ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක බවයි සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැදවුම්කරු රවී කුමුදේශ් පැවසුවේ.


දිවයිනපුරා ක්‍රියාත්මක වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් රෝහල් කටයුතු අද දිනයේ අඩාලවූ බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.