රාජ්‍ය වැවිලි ව්‍යාවසාය වඩාත් ඵලදායී සහ විනිවිදභාවයෙන් යුතුව පෞද්ගලික අංශයේ ආයෝජන වෙනුවෙන් ලබා දීමේ වැඩපිළිවෙළ මාස හයක කාලයක් තුළදී අවසන් කිරීමට බලාපොරොත්තු වන බව වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
ඒ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා වාණිජ වැවිලි කළමනාකරණ සම්බන්ධයෙන් වන විද්වත් කමිටුව අද රැස් වූ බවයි අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ.
වැවිලි ව්‍යවසාය අපනයනය ඉලක්ක කරගත් ව්‍යාපාර වෙනුවෙන් පෞද්ගලික අංශයේ ආයෝජන වෙත ලබා දීම එම කමිටුවේ අරමුණ බවයි අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ.