කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයක පැය 12ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
නිවේදනය කරමින් එම මණ්ඩලය සඳහන් කළේ හෙට පස්වරු 06.00 සිට ලබන 17 වනදා පෙරවරු 06.00 දක්වා කොළඹ 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට එම ජල කප්පාදුව බලපැවැත්වෙන බවයි.
කොළඹ ප්‍රදේශයට ජලය සපයන ප්‍රධාන නළ මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් එලෙස ජල සැපයුම කප්පාදු කරනු ලබනවා.