Sunday, September 8, 2024

General line - 0115112241

ස්පාඤ්ඤයේ මහල් නිවාස දෙකක ඇති වූ ගින්නකින් 4ක් මරුට, 14ක් අතුරුදන්




ස්පාඤ්ඤයේ මහල් නිවාස දෙකක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් සිව්දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

ස්පාඤ්ඤයේ වැලනිසියා නගරයේ පිහිටි මහල් නිවාස දෙකේ ඇතිවූ එම ගින්නෙන් මේ වන විට පුද්ගලයින් 15 දෙනෙකු පමණ අතුරුදන්වී ඇති බවයි සහන සේවකයින් පැවසුවේ.

මහල් 14 කින් සමන්විත එක් මහල් නිවාසයක පළමුව හටගත් ගින්න ක්ෂණයකින් අනෙක් මහල් නිවාසයට ව්‍යාප්තව ඇති බවයි වාර්තා වන්නේ.

ගින්නත් සමග මහල් නිවාසයේ ඉහළ මහල්වල කොටුවී සිටින නිවැසියන් බේරා ගැනීමට සහන සේවකයින් දැඩි වෙහෙසක් ගනිමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ගිනි නිවීම් භටයින් පවසන්නේ මහල් නිවාස දෙක පුරා ගින්න ක්ෂණයකින් ව්‍යාප්ත වීම හේතුවෙන් එය පාලනය කිරීමට සහ කොටුවී සිටින පිරිස් බේරා ගැනීමට දැඩි ප්‍රයත්නයක් දැරීමට සිදුව තිබෙන බවයි.

එම මහල් නිවාස දෙකේ නිවාස 138ක පුද්ගලයින් 450 දෙනෙකු සිට ඇති බව පවසන වැලනේසියා නගර බලධාරීන් ගින්න හේතුවෙන් ගිනි නිවීමේ භටයින් 06 දෙනෙකුද ඇතුළුව 15 දෙනෙක් තුවාල ලබා ඇති බව පවසනවා.

ස්පාඤ්ඤයට බලපා තිබෙන අධික සුළං සහිත දේශගුණික තත්ත්වය නිසා ගින්න පාලනය කිරීම අසීරූ වූ බව ගිනි නිවීමේ භටයින් සඳහන් කර සිටියා.