Sunday, September 8, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව ගැබ්ගෙල පිළිකා තුරන් කිරීමේ ජාතික කර්තව්‍යයට මුල පුරයි.




ගැබ්ගෙල පිළිකාව මෙරට සීඝ්‍රයෙන් ව්‍යාප්තවන දෙවන සුලභ පිළිකාව බවට සමීක්ෂණයකින් හෙලිවී තිබෙනවා 

ඒ අනුව වසරකට වාර්තාවන රෝගීන් ගනණ 1407 ක් පමණ වන බව ගනණය කර ඇති අතර ගැබ්ගෙල පිළිකාව නිසා වසරකට දිවි අහිමිවන පිරිස 780 ක් පමන වන බවයි  හෙලිවී තිබෙන්නේ.

මෙහි ඇති භයානක තත්ත්වය වන්නේ මෙම රෝග ව්‍යාප්තිය නොසලකා සිටියහොත් මෙරට තුළ 2070 වන විට මරණ 58,754 ක් හා 2120 වනව්ට මරණ 115,137 වන බව පුරෝකථනය කර තිබීමයි.

ගැබ්ගෙල පිළිකා හඳුනා ගැනීමේ හා එය තුරන් කිරීමේ සමීක්ෂණයේ පළමු නියමු ව්‍යාපෘතිය කළුතර දිස්ත්‍රික්කය ඉලක්ක කර ගනිමින් සිදු කර ඇති අතර ඒ  සඳහා කලුතර දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 35 හා 45 දක්වා වයසේ පසුවන කාන්තාවන් සහභාගී කර ගන්නා ලදී.

එම සමීක්ෂණය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉලක්ක හා අරමුණු වලට අදාළව සෞඛ්‍ය කාරයාංශය විසින් සිදුකර ඇති අතර කළුතර සිදුකරන ලද ව්‍යාපෘතියේ ප්‍රධාන හදුනාගැනීම් අනුව  අවුරුදු 35 සිට 45 දක්වා විවාහක කාන්තාවන් උදෙසා වඩාත් ඵලදායි හා සාර්ථකම සොයා ගැනීමේ හැකියාව සහිත පරීක්ෂණයන් වන්නේ Pap smear, LBC හා HPV DNA වැනි පිළිකා කලින් හදුනා ගැනීමේ ක්‍රමවේදයන් බව තහවරු කර ගන්න ලදී.

ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර ඇත්තේ සෑම අවුරුදු 5 කට 10 කට වරක් නිරතුරුව හඳුනා ගැනීමේ ප්‍රාථමික පර්යේෂණයන්ට ලක්කිරීම මඟින් ගැබ්ගෙල පිළිකාව තුරන් කිරීමේ හැකියාව ඇති බවත් ඒ අනුව එය HPV- DNA පර්යේෂයණය මගින් ඕනෑම කාන්තාවකට ගැබ්ගෙල පිළිකා මාරයාගෙන් ගැලවීමට මංපෙත් විවර වනු ඇති බවයි.

රොටරි සමාජයේ මූලිකත්වයෙන් දීපව්‍යාප්තව සිදුකරන ගැබ්ගෙල පිළිකා කලින් හඳුනා ගැනීමේ ප්‍රවේශයන් පුළුල් කිරීමත් ඒ සඳහා පහසුකම් සැපයීමට මෙන්ම දැනුම්වත් කිරීමේ වැඩ සටහන් රට පුරා සිදුකිරීමට අවශ්‍ය පහසුකම් සම්පාදනය කිරීමට රොටරි සමාජය දෑත් දිගුකර ඇති බව එහි සභාපතිනී නිර්මලී සමරතුංග මහත්මිය කියා සිටියාය. 

මේ සම්බන්ධයෙන් වෛද්‍යවරුන් දැක්වූ අදහස් පහතින්