Sunday, September 8, 2024

General line - 0115112241

මතට ඇබ්බැහි වූ පුත්තලම පොලිස් කොස්තාපල්ගේ වැඩ තහනම්

ජූඩ් සමන්ත




ගංජා පානය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් පුත්තලම පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

ඒ, පුත්තලම නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින්. ඒත්තාලේ - ආංකුඩාව ප්‍රදේශයේ රහසිගත ස්ථානයක කිසියම් පිරිසක් ගංජා පානය කරමින් සිටින බවට නොරචෝලේ පොලීසියට තොරතුරක් ලැබී තිබුණා.

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරින් කණ්ඩායමක් අදාළ ස්ථානයේ සිදුකළ හදිසි වැටලීමකදී සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ඒ අතර සිටි පොලිස් කොස්තාපල්වරයා සන්තකයේ තිබී ගංජා මිලිග්‍රෑම් 1200 ක් ද වැටලීම සිදුකළ පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇති වයස අවුරුදු 40 ක් වන සැකකාර පොලිස් කොස්තාපල් කල්පිටිය, ආන්දන්කන්නිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා ඇතුළු සැකකරුවන් 07 කල්පිටිය වැඩ බලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක බැගින් ශරීර ඇප මත මුදා හැරි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.