Friday, May 3, 2024

General line - 0115112241

මොස්කව් ප්‍රහාරයෙන් මියගිය පිරිස 60ක් දක්වා ඉහළට




රුසියාවේ මොස්කව් අගනුවරට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 60ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

තුවාල ලැබූවන් සංඛ්‍යාව 145ක් දක්වාද ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. තුවාල ලැබූවන්ගෙන් 60 දෙනෙකුගේ තත්වය බරපතල බවද එරට සෞඛ්‍ය අංශ පවසනවා.

ත්‍රස්ත ප්‍රහාරය එල්ලවී තිබුනේ මොස්කව් අගනුවර රඟහලකටයි.

එම අවස්ථාවේ එහි සංගීත සංදර්ශනයක් පැවැත්වෙමින් තිබුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

හමුදා සාමාජිකයින්ට සමාන නිළ ඇඳුමකින් සැරසුණු සිව්දෙනෙකු එම රඟහලට ඇතුළුවී වෙඩි ප්‍රහාර එල්ල කර තිබෙනවා.

ඔවුන් විසින් පැමිණ සිටි පිරිස දෙසට අත් බෝම්බ කිහිපයක්ද එල්ලකර ඇති බවයි වාර්තා වන්නේ.  

අදාළ ප්‍රහාරයේ වගකීම අයි.එස්.අයි.එස් සංවිධානය විසින් භාරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.