Saturday, April 27, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව ටෙස්ට් ජයක් අභියස




බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ වැඩි වාසි තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී සිටිනවා.

තරඟයේ සිව් වන දිනය වූ අද දිනයේ බංග්ලාදේශ කණ්ඩායම සිය දෙවනි ඉනිම සඳහා දිවා ආහාරයට තරඟය නතර කරන විටදී කඩුලු 07ක් දැවී ලකුණු 129ක් රැස් කරමින් අසීරු අඩියක පසු වුණා.

මොමිනුල් හක් ලකුණු 46ක් සහ ෂෝරිෆුල් ස්ලාම් ලකුණු 03ක් රැස් කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටිනවා.

පන්දු යැවීමේදී විශ්ව ප්‍රනාන්දු සහ කසුන් රාජිත කඩුලු 03 බැගින් බිඳ හෙළු අතර ලහිරු කුමාරද එක් කඩුල්ලක් බිඳ හෙළණු ලැබුවා.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 280ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙස බංග්ලාදේශ කණ්ඩායමට සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 188ක් පමණයි.  

ඉන් අනතුරුව යළි පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවනි ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 418ක් රැස් කළා.

බංග්ලාදේශ කණ්ඩායමට තරඟය ජය ගැනීමට නම් තවත් ලකුණු 382ක් රැස් කළ යුතු වනවා.