Friday, September 20, 2024

General line - 0115112241

සවුදියට ‘වැඩේ‘ දෙන්න හදන ඔසාමාගේ 23 හැවිරිදි මාර පුතා!



සවුදි රජ පවුල බලයෙන් පහ කිරීම සඳහා තමන් හා එක්වන ලෙස ඔසාමා බිල් ලාඩන් ගේ පුත් හම්සා බිල් ලාඩන් සවුදි අරාබියේ තරුණ පිරිසට ආරාධනා කොට තිබේ.

තවමත් 23වන හැවිරිදි වියේ පසුවන හම්සා බිල් ලාඩන් මෙම ආරාධනාව කර ඇත්තේ විනාඩි 26ක හඬ පටයක් නිකුත් කරමිනි.

මෙම හඬ පටයෙන් ඔහු සවුදියේ තරුණ පිරිසට පවසා ඇත්තේ අරාබි අර්ධවීපයේ සිටින අල්ඛයිඩාවන් සමග එක්වන ලෙසටය.

තමන්ගේ නිදහස දිනාගැනීම සඳහාත් ඇමරිකානු බලපෑමෙන් නිදහස් වීම සඳහාත් සවුදි රජ පවුල බලයෙන් පහකිරීමට එක්වන ලෙසයි ඔහු ඉල්ලීමක් කර තිබුණේ.

කෙසේ වෙතත් ඔසාමා බිල් ලාඩන් ගේ පුත්‍රයාගේ මෙම කතාව නිසා ඉදිරියේදී ලොව ත්‍රස්ත ප්‍රහාර ගණනාවක් ඇති විය හැකි බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

375F9B7F00000578-0-image-a-2_1471542727198

1401