Saturday, April 27, 2024

General line - 0115112241

බංග්ලාදේශ එරෙහි දෙවන ටෙස්ට් තරඟයේදී ශ්‍රී ලංකා පිලේ වෙනසක්




බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය, ශ්‍රී ලංකා පිලේ වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිතට අහිමි වී තිබෙනවා.

ඒ ඔහු ආබාධයකට ලක් වීම හේතුවෙන්. ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ පළමු ටෙස්ට් තරඟයේදී කසුන් රාජිත පිට කොන්දේ ආබාධයකට ලක්ව ඇති බවයි.

එය තවමත් සුව නොවීම හේතුවෙන් ඔහු තරඟයෙන් ඉවත් කිරීමටයි තීරණය කර ඇත්තේ.

මෑත කාලයේ ශ්‍රී ලංකා වේග පන්දු බලඇණියේ ක්‍රීඩකයින් සිව් දෙනෙකුම ආබාධවලට ලක් වුණා. දිල්ෂාන් මධුෂංක, මතීෂ පතිරණ හා දුෂ්මන්ත චමීරද ඒ අතරට අයත්. 

මේ අතර, බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය සඳහා කසුන් රාජිත වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු ශ්‍රී ලංකා පිලට කැඳවීමට නියමිතයි.

බංග්ලාදේශයට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ කසුන් රාජිත කඩුලු 08 බිඳ හෙළුවා.

දෙරට අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය ලබන සෙනසුරාදා ආරම්භ වීමට නියමිතයි.