Saturday, April 27, 2024

General line - 0115112241

අලුතෙන් කර්මාන්ත ආරම්භ කරන අවුරුදු තිහට අඩු තරුණ තරුණියන් සඳහා බැංකු ණය



දැනට අලුතෙන් කර්මාන්ත ආරම්භ කරන අවුරුදු තිහට අඩු තරුණ තරුණියන් සඳහා බැංකු ණය ලබා ගැනීමේදී පොලී අනුපාතය සියයට හතක් දක්වා අඩු කරමින් ලබා ගැනීමේ හැකියාව ඇති බව  පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති ජේෂ්ඨ උපදේශක ආශුබෝධ මාරසිංහ අද සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර තිබෙනවා. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ  ආශුබෝධ මාරසිංහ පවසා සිටියේ, 

අලුතෙන් ව්‍යාපාර ආරම්භ කරද්දී සියයට අටක පොලි යනුපාතයකට ණය ලබා ගැනීමේ හැකියාවත් ලබාදීලා තිබෙනවා. 

ඒ වගේම දැනට සීයට දහතුනක් දාහතරත් අතර තිබෙන සාමාන්‍ය ණය ලබා ගැනීමේ පුළු අනුපාතය ඉදිරි සතියේදී සියයට දහයත් එකොළහත් අතර ප්‍රමාණයකට ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා.

එම නිසා ව්‍යවසායකත්ව ණයයෝජනා ක්‍රම හරහා මෙම ප්‍රතිලාභ වයස අවුරුදු 30ට අඩු තරුණයින්ට සහ කාන්තාවන්ට හිමි වෙනවා ඒ අනුව බංකලොත් වෙච්ච තිබුණු රටක නැවතත් තමන්ගේ ව්‍යාපාර නිසි පරිදි ආරම්භ කිරීමේ අවස්ථාව උදාවෙලා තිබෙනවා.

වර්තමාන ජනාධිපතිවරයා 2022 ජූලි මාසෙන් පස්සේ ජනාධිපති ධුරයට පත්වුණා දා සිට පනත් හැත්තෑ පහක් සම්මත කරගැනීමට සමත් වෙලා තිබෙනවා. 

ඒ අතරින් මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත ඉතාම වැදගත් පනතක් බවට පත්වෙනවා.

 ඉදිරියේදී ලෝකෙ තියෙන ලොකුම කටවුට් ගහලා ලොකුම රැස්වීම් තියලා තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය කරනවනම් මේවට මුදල් කොහෙන්ද එන්නේ කියන එකත් ජනතාවට ඔප්පු කළ යුතු වෙනවා.

ඒ වගේම පාර්ලිමේන්තුවේ අයවැය කාර්යාලයක් ස්ථාපිත වෙනව.

ඒ ඉතාම වැදගත් අංශයක් බවට පත්වෙනවා.

ඊට අමතරව දූෂණ විරෝධී පනත සම්මත කර ගැනීම රටේම ඉල්ලීමක් විදියට දකින්නට පුළුවන්. 

අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන්ට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත, මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත ආදී අත්‍යවශ්‍යම පනඤත් 75 ක් පාර්ලිමේන්තුවේදී සම්මත කරගෙන තිබෙනවා. 

ඒ වගේම කාන්තාවන් සවි බල ගන්වන්නට අවශ්‍ය පනත් දෙකක් ඉදිරියේදී ගෙන ඒමට නියමිතයි.

 ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තාවන් සවි බල ගැන්වීමේ පනත් කෙටුම්පත් ඉදිරියේදී ඉදිරිපත් වීමට නියමිතව තිබෙනවා.

 කාන්තාවන් ව්‍යවසායකින් විදිහට ඉදිරිපත් වීමේදී ඔවුන්ට රැකවරණය සහ ආරක්ෂාව ලබාදීම පිළිබඳ මේ පනත් කෙටුම්පත නිර්මාණය වෙනවා. 

කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත තුළින් එය සිද්ධ වෙනවා. 

ස්ත්‍රී පුරුෂ සමාජභාවය පනත තුළින් විවිධ සමාජ කණ්ඩායම් ආරක්ෂා වන ආකාරයට මෙම පනත සකස් වෙලා තිබෙනවා.

ආසියානු කලාපය ඉදිරියට එන රටක් විදිහට අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංස්කරණය කරමින් කෘතිම බුද්ධිය විෂය පවා පාසල් විෂය පද්ධතියට ඇතුල් කිරීමට පියවර අරගෙන තිබෙනවා. 

ඒ අනුව කෘතිම බුද්ධිය විෂය හැදෑරීමට අවශ්‍ය පරිගණක සහ ඒ අවශ්‍ය උපාංග ඉදිරියේදී උසස් පෙළ සිසුන්ට ලබාදීම සිද්ධ වෙනවා.

උමාඔය ව්‍යාපෘතියට අත්සන යොදලා තියෙන්නේ කෘෂිකර්ම අමාත්‍යවරයා විදිහට අනුර කුමාර දිසානායක බව කියන ලිපි ලේඛන මා සතුව තිබෙනවා.‌ 

ඉංග්‍රීසි පිටපතේ තමා එතුමා අත්සන යොදලා තියෙන්නේ. 2015 වසරේ පළමු මාසයේ හතර වෙනිදා තමයි මේ අදාළ උමාඔය ව්‍යාපෘතියට අත්සන ඔහු යොදලා තියෙන්නෙයි කියන එක ඉතාම පැහැදිලිව සඳහන් වෙනවා.

එතුමා වරාය නගරය ඉදිකරද්දී යන කළුගල් ප්‍රමාණය ගැන ප්‍රකාශයක් කළා. 

නමුත් පස්සේ ඔහුට ඒක අමතක වෙනවා. උමා ඔය  ව්‍යාපෘතිය ගැනත් ඔහුට මතක නැහැ. සමන්ත විද්‍යාරත්න උමා ඔය ව්‍යාපෘතිය විවේචනය කළාට,මේක කැබිනට් අනුමැතිය අරගෙන ක්‍රියාත්මක කරන්නට අවසරය ලබාගෙන තියෙන්නෙ අනුර කුමාර දිසානායක කියලා පැහැදිලිව පෙනෙන්නට තියෙනවා.