Friday, May 3, 2024

General line - 0115112241

ජෝර්ජිඒවාට යලිත් IMF කළමණාකාර අධ්‍යක්ෂ ධූරය




දෙවන වරටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකාව ලෙස සේවය කිරීම සඳහා ක්‍රිස්ටලිනා ජෝර්ජිඒවා තෝරාපත් කරගෙන තිබෙනවා.

ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ ඒකමතික තිරණයකට අනුවයි.

ඒ අනුව ක්‍රිස්ටලිනා ජෝර්ජිඒවාට ලබන ඔක්තෝම්බර් 1 වනදා සිට තවත් අවුරුදු 05ක් එම ධූරය හිමි වනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙන්නේ අදාළ තනතුර සඳහා එකම අපේක්ෂකයා ඇය වූ බවත් මෙම පත්වීම සිදු කිරීමට පෙර ඇයත් සමග සාකච්ඡා වට කිහිපයක්ම පැවත්වු බවයි.

බල්ගේරියානු ජාතිකකු වන ජෝර්ජීඒවා 2019 වසරේ  ඔක්තෝබර් 1 දින සිට ජාත්‍යන්තර අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කරන බවයි එම අරමුදල වැඩිදුරටත් පැවසුවේ.