Friday, May 3, 2024

General line - 0115112241

මාසිකව වෙබ් අඩවි 30 ක් සයිබර් ප්‍රහාරවලට ලක්වන බවට තොරතුරු




මෙරට වෙබ් අඩවි 25ත් 30ත් අතර ප්‍රමාණයක් මාසිකව සයිබර් ප්‍රහාරයට ලක්වන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා.

එහි ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරි නිරෝෂ් ආනන්ද නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී මේ බව කියා සිටියා. 


ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරි නිරෝෂ් ආනන්ද.


සයිබර් ප්‍රහාරයකට ලක්ව බිඳ වැටුණු අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය යථාතත්ත්වයට පත්කළ බවද ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පැවසුවා.