Friday, May 3, 2024

General line - 0115112241

වාහන ආනයනය ගැන සියඹලාපිටියගෙන් කොළ එළියක්

තිසර සමල් සෝමරත්න




ඉදිරියේදී ක්‍රමානුකූලව වාහන ආනයනය කිරීමට හැකිවනු ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඒ සම්බන්ධයෙන් විශේෂ කමිටුවක් මඟින්  මේ වනවිටත් අවශ්‍ය සොයාබැලීම් සිදුකරමින් පවතින බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.


සහල් ආනයනය සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකටද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මෙලෙස පිළිතුරු ලබාදුන්නා.