Friday, May 3, 2024

General line - 0115112241

ගිරිතලේදී ගැහැණු ළමයෙකුට වෙඩි




මින්නේරිය, ගිරිතලේ ප්‍රදේශයේ නිවසක සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඊයේ රාත්‍රියේ සිදුවූ එම වෙඩි තැබීමෙන් තුවාල ලැබූවේ වයස අවුරුදු 17ක ගැහැණු ළමයෙක්.

ඇය ප්‍රතිකාර සඳහා පොළොන්නරුව රෝහලට ඇතුලත් කර ඇති බව මින්නේරිය පොලිසිය සඳහන් කළා.

ගිරිතලේ, යාය 14 ප්‍රදේශයේ පදිංචි ගැහැණු ළමයෙක් එලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඇය සිය පවුලේ සාමාජිකයන් සමඟ ඥාති නිවසකට ගොස් සිටියදී වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවද පොලිසිය සඳහන් කළා.