Friday, May 3, 2024

General line - 0115112241

ගලේවෙලදී තරුණයෙක් ඝාතනය කරයි




ගලේවෙල, අලුත්වැව, වෙල්පාර හන්දිය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී තරුණයකු ඝාතනය කර තිබෙනවා.

පොලිසිය පැවසුවේ දෙපාර්ශවයක් අතර සිදුවූ බහින් බස්වීමක් නිරාකරණය කිරීමට මැදිහත්වූ තරුණයකු එලෙස තියුණු ආයුධයකින් පහරදී ඇති බවයි.

එහිදී බරපතල තුවාල ලැබූ එම තරුණයා ගලේවෙල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ ගලේවෙල, බඹරගස්වැව ප්‍රදේශයේ පුද්ගලයෙක්.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගලේවෙල පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.