Monday, April 29, 2024

General line - 0115112241

අවුරුද්දෙන් පසු රාජ්‍ය නිලධාරින් අද වැඩ අල්ලයි




සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් අනතුරුව රාජ්‍ය ආයතනවල රාජකාරි අද ආරම්භ වනවා.

මීට පෙර තීරණය වී තිබුනේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් අනතුරුව ඊයේ දිනයේ රාජ්‍ය ආයතනවල රාජකාරි ආරම්භ කිරීමටයි.

එහෙත් හිස තෙල් ගෑමේ නැකත ඊයේ දිනයට යෙදී තිබීම හේතුවෙන් ඊයේ දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරුණා.

ඒ අනුව අද දිනයේ රාජ්‍ය ආයතනවල රාජකාරි කටයුතු ආරම්භ වනවා.

කෙසේවෙතත් මෙවර නැකැත් සීට්ටුවට අනුව රැකී රක්ෂා සඳහා පිටත්ව යාමට ඇත්තේ හෙට දිනයේයි.

කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී ගිතෙල් සහ හකුරු මිශ්‍ර කිරිබතක් හා කැවිලි වර්ගයක් අනුභව කර උතුරු දිශාව බලා හෙට දින උදෑසන 06යි 52ට රැකී රක්ෂා සඳහා පිටත්වීම සුදුසු බවයි නැකැත් සීට්ටුවේ සඳහන් වන්නේ.