Tuesday, April 30, 2024

General line - 0115112241

අභාවප්‍රාප්ත ආචාර්ය ඒ ටී ආරියරත්න මහතා වෙනුවෙන් රාජ්‍ය ගෞරව




අභාවප්‍රාප්ත ආචාර්ය ඒ ටී ආරියරත්න මහතා වෙනුවෙන් රාජ්‍ය ගෞරව ලබාදීමට තීරණය කර තිබෙනවා.

ඊට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසයි රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න වෙත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා උපදෙස් දී ඇත්තේ.

අග්‍රාමාත්‍යවරයා මේ පිළිබඳ ජනාධිපතිවරයා හා සර්වෝදය සමගද සාකච්ඡා කර තිබෙන බවයි වාර්තා වන්නේ.

සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය ඒ. ටී. ආරියරත්න මහතා ඊයේ පස්වරුවේ අභාවප්‍රාප්ත වුණා. මියයන විට ඒ මහතාගේ වයස අවුරුදු 93ක්.